මියන්මාරයේ සිරවී සිටි ලාංකිකයින් 13 ක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් කඳවුරුවල රඳවා සිටි ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු මුදා ගැනේ

by Staff writer 15-02-2025 | 10:22 PM

COLOMBO (News 1st) - මියන්මාරයේ පරිගණක අපරාධකරුවන්ගේ ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු මුදා ගැනීමට එරට ඩී.කේ.බී හමුදා කණ්ඩායමකට හැකියාව ලැබී තිබේ.

අප කළ විමසීමකදී මියන්මාරයේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලය පැවසුවේ, මුදා ගත් පිරිස ආරක්ෂිත ස්ථාන කරා රැගෙනයාමට කටයුතු කර ඇති බවයි.

තනාපතිනී ප්‍රභාශිනී පොන්නම්පෙරුම මහත්මිය ඇතුළු මියන්මාරයේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ මැදහත්වීමෙන් පරිගණක අපරාධකරුවන්ගේ ග්‍රහණයේ සිටින මෙරට පුද්ගලයින් මුදා ගැනීම සඳහා කටයුතු කෙරෙමින් පවතී.