ගනේමුල්ල සංජීව ඝාතන :තවත් දෙදෙනෙක් අත්අඩංගුවට‍

ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 22-02-2025 | 3:21 PM

COLOMBO (News 1st) - ගනේමුල්ල සංජීව නැමැත්තා ඝාතන සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් විසිනි.

එලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ,  වෙඩි තැබීමට භාවිත කළ ගිනි අවිය සැකකාර කාන්තාවට ලබාදුන් පුද්ගලයා හා සැකකරු පලායාමට භාවිත කළ වෑන් රථය ළඟ තබාගෙන සිටි පුද්ගලයායි.

අදාල ගිනි අවිය, සැකකරු හා ඊට සහාය දුන් කාන්තාව නැවතී සිටි කඩුවෙල ප්‍රදේශයේ නවාතැන්පොළට ඔහු විසින් රැගෙන විත් ලබාදී ඇති බව, පොලිසිය පැවසුවේය.

ඔහු යුද හමුදාවෙන් පලාගිය අයෙකි.

වාහන ළඟ තබාගෙන සිටි පුද්ගලයා පවසා ඇත්තේ,  අදාල වෑන් රථය විදේශයකට සිටින පුද්ගලයෙකුට අයත් එකක් බවයි.

මේ වන විට ඝාතන සිදුවීම් සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු හා සැකකාරියක් අත් අඩංගුවට ගෙන ඇත.

අලුත්කඩේ අංක 05 අධිකරණය තුළ සිදු කළ වෙඩි තැබීමකින් පසුගිය 19 වැනිදා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න  නොහොත් ගනේමුල්ල සංජීව නැමැත්තා මියගියේ ය.