.webp)
COLOMBO (News 1st) -
පළාත් කිහිපයකට ප්‍රභල අකුණු සහ තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, අද පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ , උතුරු පළාත් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවයි.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි ය.
අකුණු අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.