ක්‍රිෂ් නඩුවෙන් විනිසුරු මංජුල තිලකරත්න ඉවත් වෙයි

ක්‍රිෂ් නඩුවෙන් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉවත් වෙයි..

by Staff writer 27-03-2025 | 5:29 PM

COLOMBO (News 1st) –රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණ කළැයි  නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව විභාගවන නඩුවෙන් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද ඉවත් විය.

නඩුව මැයි 21 වැනිදා මහාධිකරණයේ වෙනත් විනිසුරුවරයෙකු යටතේ කැදවීමට නියමිතයි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වන සනත් බාලසූරිය සහ පෝද්දල ජයන්ත යන මහත්වරුන් තමන් සම්බන්ධයෙන් මුහුණු පොතේ පළ කර තිබූ අදහස්වලින් අනතුරුව එම නඩුවට තම අධිකරණයෙන් සාධාරණ යුක්තියක් ඉටු නොවන බවට සමාජයේ දුර්මතයක් ඇති වී තිබෙන බව මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද කියා සිටියේ ය.