අන්තරේ කැඳවුම්කරු ඇතුළු දෙදෙනෙකුට ඇප

අන්තරේ කැඳවුම්කරු ඇතුළු දෙදෙනෙකුට ඇප

by Staff writer 04-04-2025 | 5:26 PM

COLOMBO (News 1st) –රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් සහ සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුවේ ලේකම්වරයා, ඇප මත මුදා හැර තිබේ.

ඒ, ඔවුන් අද මාළිඟාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදා හැරීමට නියෝග කෙරිණ.

පසුගිය මාර්තු 28 වැනිදා ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ, අධිකරණ නියෝග කඩ කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට සත්‍යග්‍රයක නිරත වීම හේතුවෙන් ය.

අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන බවට චෝදනා කරමින්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨ සිසුන් එලෙස සත්‍යග්‍රහයේ නිරත විය.