ලංකාවේ ප්‍රථම YouTube Diamond Play Button එක මෙන්න

ලංකාවේ ප්‍රථම YouTube Diamond Play Button එක Wild Cookbook හිමිකරගනී..

by Staff writer 28-03-2025 | 10:07 PM

COLOMBO (News 1st) –උඩ දාල, කරකවලා කෑම හදන එක කලාවක් කරගත්ත wild cook bookව දන්නේ නැති කෙනෙක් නැති තරම් නේ.

මේ වැඩ දාන හැඩකාරයා  Cooking  entertainment කියන Concept එකෙන්  අද වෙනකොට මිලියන ගානක ප්‍රේක්ශක ආදරයක් හිමි කරගන්න සමත් වෙලා තියෙනවා.

ඔහු නමින්  චරිත් නිපුන් සිල්වා.

ඉතින් අද ශ්‍රී ලාංකීය Youtube ඉතිහාසය උඩු යටිකුරු කරන්න චරිත්ට පුලුවන් වෙනවා . ඒ youtube subscribers ලා මිලියන දහය එහෙමත් නැත්නම් subscribers ලා ලක්ශ 100ය  සම්පූර්ණ කරමින්.

ඒ කියන්නේ Diamond play button එක  හිමිකරගත්ත  ලංකාවේ එකම සහ ප්‍රථම  youtuber බවට පත්වෙමින්.

සමාජමාධ්‍ය තුළ  Cooking  entertainment category  එකේ වෙනස්ම විදිහේ වැඩ ගොඩක් චරිත් තමන්ගේ  channel එක හරහා කරගෙන යනවා.

ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ පුරාම wild cook bookගේ style එකට කැමති ප්‍රේක්ශකයෝ ඉන්නවා.

social media වල වැඩ දාපු wild cook book  එතනින් නවතින්නේ නැතුව පසුගිය වසරේ  නොවැම්බර් මාසෙදි Wild dish by wild cook book නමින් තමන්ගෙම කියලා restuarant එකකුත් පටන් ගන්න පුලුවන් වෙනවා.

වැඩිම Subscriber ලා සංබ්‍යාවක් ඉන්න ලෝකෙ අංක එකෙ Cooking youtube channel අතරත් Wildcookbook ඉන්නවා.

Youtube creator awards එහෙමත් නැත්තම් youtube play buttons වල subcribersලා ලක්ශය සම්පූර්න කරලා Silver play button එකත් 
Subscribersla මිලියනය සම්පූර්න කරලා Gold play button එකත් හිමි කරගෙන තිබ්බ wild cook book ට අද Diamond play button එකත් ලබා ගන්න පුළුවන් වුණා.

ඉතින් මිලියන ගානක ආදරයක් එක්ක ශ්‍රී ලාංකීය නාමය ලෝකය ඉදිරියේ සනිටුහන්  කරන් යන ගමනට චරිත් ඔබට newsfirst අපෙන් සුබ පැතුම්....