.webp)
ශ්‍රි ලාංකයින් නව අවුරුදු උදාව පිලිගත්තේ මහත් හරසරින් ය.
උදාවු නව වසරේ ආශිර්වාද ලබාගැනීමේ අරමුණින් ඇතැම් පිරිස් විහාරස්ථාන වෙත ගොස් ආගමික වතාවත්වල නිරතවූ අතර දෙමල ජනතාව කෝවිල් වෙත ගොස් පුද පූජා පවත්වනු ලැබුවේ ය.
ඊයේ රාත්‍රී 8.57 ට ආරම්භවූ පුණ්‍ය කාලය අද පෙරවරු 9.45 ට අවසන් වෙයි.
අලුත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකතද උදාවූයේ අද අළුයම 4.04 ටයි.
අද පෙරවරු 6.44 ට වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභව නැකත යෙදී තිබුණි.
අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත ලබන 16 වැනි බදාදා පෙරවරු 9.04 ට යෙදී තිබේ.
පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹපත්ද පයට කොලොං පත්ද තමා කොහොඹ පත්‍ර මිශ්‍ර නානුද තෙල්ද ගා ස්නානය යොග්‍ය බව ජ්‍යෝතිෂයේ සඳහන් ය.
රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත ලබන 17 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 9,03 ට උදාවෙයි..
රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි කිරිබත් හා එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිසාව බලා පිටත්ව යාම යෝග්‍ය බව ජ්‍යෝතිෂයේ දැක්වෙයි