COLOMBO ( News1st ) - තේ ශක්ති අරමුදලේ කොටස් කුඩා තේ වතු හිමියන්ට ලබාදීමට තීරණය කර තිබේ.
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්තී මහතා සඳහන් කළේ තම අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු කොටස් මුදල් හා පොලිය ලබා ගත හැකි බවයි.