මිද්දෙණිය ත්‍රිපුද්ගල ඝාතනයේ සැකකරුවෙක් අල්ලයි..

මිද්දෙණියේ කජ්ජා සහ දරු දෙදෙනා ඝාතනයේ යතුරුපැදිකරු කටුනායකදී, CID අත්අඩංගුවට...

by Staff writer 25-04-2025 | 11:34 AM

COLOMBO (News 1st) - අනුර විදානගමගේ හෙවත් කජ්ජා නැමැත්තා  හා ඔහුගේ දරු දෙදෙනා මිද්දෙණියේදී ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු ලෙස කටයුතු කළ සැකකරු අද (25) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ සැකකරු ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණි අවස්ථාවේදී  අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් මෙරටට පිටුවල් කිරීමෙන් අනතුරුවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැටිය විදාන ගමගේ ඉෂාන් මදුෂංක නැමැති පුද්ගලයෙක්.

මිද්දණෙිය ප්‍රදේශයේදී පසුගිය පෙබරවාරි 18 වැනිදා කජ්ජා නැමැත්තා වෙඩිතබා ඝාතනය කෙරුණු අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔහුගේ දරු දෙදෙනාද පසුව මිය ගියේය.