.webp)
පොලිසිය සැක කරන්නේ, මෙය සංවිධානාත්මක අපරාධ කල්ලියක මෙහෙයවීමෙන් සිදූ වූ වෙඩි තැබීමක් විය හැකි බවයි.
පානදුර හිරණ ප්රදේශයේ නිවසක අද අලුයම සිදු කළ වෙඩි තැබීමකින් 35 හැවිදිරි පුද්ගලයෙකු මිය ගියේ ය.
වෙඩි වැදීමෙන් 20 හැවිදිරි තරුණයෙකු තුවාල ලැබුවා.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු හිරණ ප්රදේශයේ නිවසකට පැමිණ වෙඩි ප්රහාර එල්ල කර තිබිණි.
පොලිසිය සඳහන් කළේ, එම අවස්ථාවේ අදාළ නිවසේ පිරිසක් සාදයක් පවත්වමින් සිට ඇති බවයි.
T56 ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර සැකකරුවන් පලා ගොස් තිබේ.