අමෙරිකාවේ තීරුබදු ගැන සාකච්ඡාවක් අද

අමෙරිකාව පැනවූ තීරුබදු ගැන ශ්‍රී ලංකාව සහභාගි වන තවත් සාකච්ඡාවක් අද වොෂින්ටන්හිදී...

by Staff writer 27-05-2025 | 7:56 AM

COLOMBO (News1st) - අමෙරිකාව පැනවූ තීරු බදු සම්බන්ධයෙන් වන තවත් සාකච්ඡාවක් අද(27) වොෂින්ටන් නුවරදී ආරම්භ වේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගිව සිටින්නේ.  මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු පිරිසකි.

අමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය කළ ආරාධනයකට අනූව එම සාකච්ඡාව පැවැත්විමට නියමිතයි.

දෙරටේ නියෝජිතයින් ඒ පිළිබඳව සාකච්ඡා කරන්නේ, ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් ය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ඉහළ මට්ටමේ නිලධාරීන්ගේ රැස්වීමක් ද ඒ සම්බන්ධයෙන් කැඳවා තිබු අතර

එහිදී සාකච්ඡා කර තිබුණේ ඉදිරි සාකච්ඡාවලින් යහපත් ප්‍රතිඵල අත්පත් කර ගැනීම සහතික කිරීම සදහා අවධානය යොමුකළ යුතු ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික උපාය මාර්ග පිළිබඳවයි.

අමෙරිකාව පැනවූ තීරු බදු සම්බන්ධයෙන් වන සාකච්ඡා හෙටත් පැවැත්විමට නියමිතයි.