මුහුදුබඩ හා කැලණිවැලි මාර්ගවල දුම්රිය ප්‍රමාදයක්..

මුහුදුබඩ හා කැලණිවැලි මාර්ගවල දුම්රිය ප්‍රමාදයක්...

by Staff writer 27-05-2025 | 10:50 AM

COLOMBO (News1st) - මුහුදුබඩ හා කැලණිවැලි මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ දුම්රියක් ක්‍රියාවිරහිතවීම, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයට හේතුවී ඇති බවයි.

කැලණිවැලි මාර්ගයේ වග ප්‍රදේශයේ ඊයේ(26) රාත්‍රී සිදුවු දුම්රිය පිලිපැනීමක් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය තුනක් අවලංගු කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ සෙසු දුම්රියන් ප්‍රමාද වී ධාවනය කරන බවයි.

දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.