ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේට ලෝකඩ පදක්කමක්...

ආසියානු මලල ක්‍රීඩා උළෙලේ මීටර 400 පිරිමි ධාවන ඉවසව්වෙන් ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ ලෝකඩ පදක්කම දිනාගනී...

by Staff writer 28-05-2025 | 5:13 PM

COLOMBO (News 1st) - වසර 18කට පසුව ආසියානු මලල ක්‍රීඩා උළෙලකදී මීටර් 400 පිරිමි ධාවන ඉවසව්වෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කමක් ජයග්‍රහණය කිරීමට කාලිංග කුමාරගේ සමත් විය.

ඒ ඔහු අද (28)  සහභාගී වූ මීටර් 400 පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගයෙන් ලෝකඩ පදක්කම දිනාගැනීමත් සමගයි.

තත්පර 45යි දශම 3යි 3ක කාලයකින් තරගය අවසන් කළ  කටාර්හි අමාර් ඊබ්‍රහිම් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

රිදී  පදක්කම හිමිවූයේ ජපානයටයි.

ඒ අනුව තත්පර 45යි දශම 5යි 5ක කාලයකින් තරගය අවසන් කළ කාලිංග කුමාරගේ තරග ඉසව්වේ තෙවැනි තැන හිමිකරගත්තේ ය.

මෙවර තරග සමයේදී ඔහු මෙම ඉසව්වට ප්‍රදර්ශනය කළ ඉහළම දක්ෂතාවය මෙයයි.

2025 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය මෙවර පැවැත්වෙන්නේ දකුණු කොරියාවේදීයි.