ට්‍රම්පගෙන් තවත් නියෝගයක්

ආනයනික ඇලුමිනියම් හා වානේ සඳහා පනවා ඇති තීරුබදු 50%ක් දක්වා වැඩි කිරීමට ජනපති ට්‍රම්පගෙන් නියෝග...

by Chathurika Jayasundara 31-05-2025 | 9:57 AM

COLOMBO (News1st) - අමෙරිකාවට ආනයනය කරන ඇලුමිනියම් හා වානේ සඳහා පනවා ඇති තීරුබදු 50%ක් දක්වා වැඩි කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය පෙර පැවති තීරුබදු අනුපාතය දෙගුණ කිරීමක් බවයි.

මේ මගින් චීන ආනයන මත යැපීම අවම කර දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමට උපකාර වනු ඇති බව ජනපතිවරයා ප්‍රකාශ කළේ ය.

ජනපතිවරයා වැඩිදුරටත් පැවසුවේ සෑම අමෙරිකානු වානේ කර්මාන්තකරුවෙකුටම ඩොලර් 5,000ක ප්‍රසාද දීමනාවක් ලැබෙනු ඇති බවයි.

ඒ පෙන්සිල්වේනියාවේ පිට්ස්බර්ග් හි පැවති රැලියක් අමතමින් ය.

මේ අතර අමෙරිකානු වානේ හා ජපානයේ නිපොන් සමාගම අතර හවුල්කාරිත්වයෙන් කටයුතු කිරීමට ඩොලර් බිලියන 14 ක් ආයෝජනයක් සිදු කරන බවද ට්‍රම්ප් ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත් එම සමාගම් එවැනි ගිවිසුමක් සම්බන්ධව මෙතෙක් තහවුරු කර නොමැත.