ලෝක රූ රැජින කිරුළ තායිලන්තයේ ඔපල් සුචාටාට

72 වැනි ලෝක රූ රැජින කිරුළ තායිලන්තයේ ඔපල් සුචාටාට

by Staff writer 31-05-2025 | 10:00 PM

COLOMBO (News1st)-තායිලන්තයේ ඔපල් සචා ටාචුන්ශ්‍රී, 72 වැනි ලෝක රූ රැජිණ ලෙස කිරුළු පැළදීය.

ලෝක රූ රැජිණ අවසන් මහා තරගය පැවැත්වුණේ, හයිද්‍රාබාද් ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදීයී.

2003 වසරේ සැප්තැම්බර් 20 වැනිදා උපන් ඇගේ වයස, අවුරුදු 21 ක්.

2024 වසරේ පැවති විශ්ව රූ රැජිණ තරගයට ද, තායිලන්තය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ඇය, එහි තුන්වැනි ස්ථානයට තේරී පත්විය.

ඔපල්, තායිලන්තයේ තම්මාසාට් විශ්ව විද්‍යාලයේ දේශපාලනය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් හදාරමින් සිටින තරුණියකි.

පෝලන්ත, ඉතියෝපියා සහ මාටනික් රාජ්‍යයන් නියෝජනය කරමින් පැමිණි තරගකාරියන්, ඇය සමග අවසන් වටයට තේරී පත්ව සිටියහ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර තරගයට ඉදිරිපත් වූ අනුදි ගුණසේකර, ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාවේ නාමය බබලවන්නට සමත් විය.

මෙවර ලෝක රූ රැජිණ තරගාවලිය රටේම අවධානයට පාත්‍ර වුණේ, අනුදි ප්‍රකට කළ දක්ෂතා රැසක් හේතුවෙනි.

ලාංකේය කාන්තා පරපුරටම අනාගත උත්තේජනයක් සපයන්නට, ඇයට හැකියාව ලැබිණි.

ලෝක රූ රැජිණ කිරුළ නොදැරුවත්, අනුදි හැමදාමත් ලාංකිකයින්ට රැජිනක්.