කඩුවකින් පහරකින් 22 හැවිරිදි තරුණයෙක් මරුට...

කඩුවකින් පහරදීම හේතුවෙන් 22 හැවිරිදි තරුණයෙක් මරුට...

by Staff writer 31-05-2025 | 7:35 AM

COLOMBO (News1st) - ඇහැලියගොඩ, නැදුරන හංදියේ, රේල් පාර අසලදී ඊයේ (30) රාත්‍රියේ පුද්ගලයින් තිදෙනෙකුට කඩුවකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා ඇහැලියගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු  තරුණයෙක් මියගොස් තිබේ.

අනෙක් තුවාලකරුවන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට මාරුකර යවා ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 22ක් වූ ඉද්දමල්ගොඩ, ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඇහැලියගොඩ පොලීසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලැබේ.