.webp)
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වුණේ, පුත්තලම , හම්බන්තොට , ගාල්ල , කළුතර , කොළඹ , ගම්පහ දිස්ත්‍රික්කවලට තද වැසි සහ සුළං සහිත කාලගුණයෙන් බලපෑම් එල්ලවී ඇති බවයි.
බලපෑම් එල්ලවී ඇති සෙසු දිස්ත්‍රික්ක වන්නේ රත්නපුර , කෑගල්ල , මහනුවර , නුවරඑළිය , මන්නාරම , යානපය සහ බදුල්ලයි.
වැඩිම බලපෑම් එල්ලවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1,278කි.
අධික සුළං හමුවේ නිවාස 1,184කට අර්ධ හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.
පවුල් 30ක පුද්ගලයින් 129 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල රඳවා තිබේ.
මේ අතර පවතින අධික වර්ෂාව හමුවේ වෙහෙරගල ජලාශය , කුකුලේ ගඟ සහ ඉහළ කොත්මලේ ජලාශයේ වාං දොරටු කිහිපයක් ද විවෘත කර තිබේ.
මේ අතර අධික වැසි හමුවේ දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක් සදහා නාය යෑමේ අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරිණි.
ගාල්ල, මහනුවර, කෑගල්ල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රෙද්ශීය ලේකම් කොට්ඨාශ රැසක් ඒ අතරට ඇතුළත් වේ.