ගවේෂණයකින් කේතුකාකාර සුසාන ස්මාරක 6ක් සොයා ගැනේ

පුරාවිද්‍යා ගවේෂණයකින් මෙරට යකඩ යුගයට අයත් කේතුකාකාර සුසාන ස්මාරක 6 ක් සොයා ගැනේ..

by Staff writer 02-06-2025 | 7:13 AM

COLOMBO (News 1st) - අම්පාර, සමන්ගල පුරාවිද්‍යා භුමියේ කළ ගවේෂණයකින් මෙරට යකඩ යුගයට අයත් කේතුකාකාර සුසාන ස්මාරක 6 ක් සොයා ගෙන තිබේ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් මහතා සඳහන් කළේ, එම සුසාන ස්මාරක අදින් වසර 2500 කට එපිට කාලයකට අයත් බවට අනුමාන කරන බවයි.

අදි මානවයින්ගේ සුසාන චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ වැදගත් අණාවරණයන් මෙම සුසාන ස්මාරක අධ්‍යයනයේදී හෙළිකර ගත හැකි බව ඔහු සඳහන් කළේ ය.

අම්පාර, සමන්ගල පුරාවිද්‍යා භුමියෙන් සොයා ගනු ලැබු එම සුසාන ස්මාරක අද විවෘත කිරීමට නියමිතයි.