.webp)
COLOMBO (News 1st) -හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ මඩකලපුවේ පිහිටි කාර්යාලය ආශ්‍රිත පරීක්ෂා කිරීම් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතියි.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ය.
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ මඩකලපුවේ කාර්යාලය පසුගියදා පරීක්ෂාවට ලක් කෙරුණු අතර, එහි තිබී වැදගත් ලිපි ලේඛන තොගයක් සොයා ගෙන ඇතැයි පොලිසිය ප්‍රකාශ කළේ ය.
පොලීසිය සඳහන් කළේ, එහි තිබී ජංගම දුරකතන කිහිපයක් සහ සැටලයිට් දුරකතනයක් ද සොයාගත් බවයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ව.
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබා ප්‍රශ්න කරමින් සිටී.