.webp)
ඒ ඔහු අද (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
තුෂාර උපුල්දෙණිය මහතා ඊයේ (09) රාත්‍රියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ය.
ඔහුගේ වැඩ තහනම් කිරීමට ද ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළේ ය.
ඒ, ජනපති සමාව අනීතිකව භාවිත කර රැඳවියන් නිදහස් කර ඇතැයි, කියන සිද්ධිය සම්බන්ධයෙනි.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්, අනුරාධපුර බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්න මහතා, ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ජනාධිපති සමාව නොලැබූ අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු වෙසක් පෝදා නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන්, විශේෂ විමර්ශනයක් මේ වන විට සිදු කරමින් පවතී.