සිරසානමාමි පොසොන් කලාපය ඓතිහාසික කූරගලදි...

සිරසානමාමි පොසොන් කලාපය ඓතිහාසික කූරගලදි...

by Staff writer 10-06-2025 | 8:55 AM

COLOMBO (News 1st) - සිරස TV හා සිරස FM එක්ව සංවිධානය කරන සිරසානමාමි පොසොන් කලාපය මෙවර පැවැත්වෙන්නේ බලංගොඩ ඓතිහාසික කූරගල රජමහා විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින්.

ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් පැවැත්වෙන මෙම පොසොන් කලාපය, තොරණ, පහන් කූඩු, දන්සල්, සැදැහැ ගී ඇතුළු විශේෂාංග රැසකින් සමන්විතයි.

සිරසා නමාමි පොහෝදින වැඩසටහන පැවැත්වෙන්නේද කූරගල රජමහා විහාරය කේන්ද්‍ර කරගනිමින් ය.

මේ අතර අදට යෙදෙන සිරස TV 27 වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂ ආගමික වැඩසටහන් කිහිපයක්ද කූරගල රජමහා විහාරස්ථානයේදී පැවැත්වේ.

මේ අතර, පන්නිපිටියේ දෙපානම විකාශන මධ්‍යස්ථානයේ පොසොන් කලාපය අද සිට පැවැත්වීමට නියමිතයි.

පහන්කූඩු, මිහින්තලා අනුරුව, පොසොන් ඩිජිටල් තොරණ, බෞද්ධ විත්‍රපට හා දන්සල්ද එහි සංවිධානය කර තිබේ.