මධ්‍යම අධිවේගය ගැන දැනුම් දීමක්...

මධ්‍යම අධිවේගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ සංවර්ධන කටයුතු අගොස්තු ආරම්භ කිරිමට සැලසුම්...

by Staff writer 12-06-2025 | 11:03 AM

COLOMBO (News 1st) - මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා සම්බන්ධ කොටසේ සංවර්ධන කටයුතු අගොස්තු මාසයේ ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

ඒ , රාජ්‍ය අරමුදල් භාවිතයෙන්.

එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ එහි ඉතිරි සංවර්ධන කටයුතු ආරම්භ කළ චීනයේ එක්සිම් බැංකුව සමග සාකච්ඡා මෙම මස අවසන් වනු ඇති බවයි.

මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගය අදියර හතර යටතේ, කුරුණෑගල සිට දඹුල්ල දක්වා වූ කොටසට අදාළ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් දැනට අත්හිටුවා ඇති ඉඩම් අත්කර ගැනීමේ කටයුතු නැවත ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

සමස්ත මධ්‍යම අධිවේගී මාර්ගයේ අපේක්ෂිත පූර්ණ ප්‍රතිලාභ ලබා ගැනීමට අධිවේගී මාර්ගය අදියර හතර සම්පූර්ණ කිරීම අත්‍යවශ්‍ය බව හඳුනාගෙන තිබේ.

උතුරු, උතුරු මැද, නැගෙනහිර හා මධ්‍යම පළාත් වෙත ප්‍රවේශ වීමට ප්‍රමාණාත්මක සහ ගුණාත්මක මාර්ග පද්ධතියක අවශ්‍යතාව සපුරා ගැනීමට මෙම පියවර ගෙන තිබේ.