ජනපති අද ජර්මන් වාණිජ මණ්ඩල නියෝජිතයින් හමුවෙයි.

ජනපති අද ජර්මන් වාණිජ මණ්ඩල නියෝජිතයින් හමුවෙයි.

by Staff writer 13-06-2025 | 8:13 AM

COLOMBO (News1st) - ජර්මනියේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(13) එරට වාණිජ මණ්ඩල නියෝජිතයින් හමුවීමට නියමිතව තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජර්මානු සංචාරක සංගම් නියෝජිතයින් සමග ද, ජනාධිපතිවරයා අද සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.

එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවීම ද, අද කාලසටහනට ඇතුළත් වේ.

ජනාධිපතිවරයා පෙරේදා, ජර්මානු ජනාධිපතිවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවිය.

තුන් දින නිල සංචාරයක් සදහා ජනාධිපතිවරයා ජර්මනිය බලා පිටත්ව ගියේ, පසුගිය 10 වැනිදා රාත්‍රියේයී.