භික්ෂුණීන්ගේ හැඳුනුම්පත් ගැන අධිකරනය දුන් නියෝගය

බෞද්ධ භික්ෂුණීන්ගේ හැඳුනුම්පත් ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය...

by Staff writer 17-06-2025 | 10:30 PM

COLOMBO (News 1st) - බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණී යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ඒ ධම්මදින්න නැමැති භික්ෂුණිය සහ රංගිරි දඹුල්ල සංඝ සභාවේ මහානායක පූජ්‍ය ඉනාමලුවේ සුමංගල හිමියන් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි.

අගවිනිසුරු මූර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේදී මෙම පෙත්සම ගොනු කළේ ය.

ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මෙම නියෝගය නිකුත් කර තිබිණි.

භික්ෂුණීන් වහන්සේට හැඳුනුම්පත් ලබා නොදීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (1) වගන්තිය උල්ලංඝනය කර ඇති බව, එහිදී තීන්දු කර තිබේ.

මෙතෙක් භික්ෂුණීන් වහන්සේලාට නිල නීතිමය පිළිගැනීමක් ලැබී නොතිබුණු අතර, භික්ෂුණීන් වහන්සේලාට එවැනි පිළිගැනීමක් ලබාගැනීම සඳහා දීර්ඝ කාලයක් ඉල්ලීම් කර තිබිණි.