පාර්ලිමේන්තුව අද රැස්වෙයි...

සේවකයන්ගේ ජාතික අවම වේතන (සංශෝධන) පණත් කෙටුම්පත සහ සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පණත් කෙටුම්පත් පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය අද.

by Staff writer 20-06-2025 | 8:04 AM

COLOMBO (News1st) - පාර්ලිමේන්තුව අද(20) පෙරවරු 9.30 රැස්වනවා.

ඒ, කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඒ අනුව අද දිනයේ සේවකයන්ගේ ජාතික අවම වේතන (සංශෝධන) පණත් කෙටුම්පත සහ සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පණත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

පසුගිය 03 වැනිදා එම පණත් කෙටුම්පත් පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.