පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර මිල පහළට..

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර මිල ගණන් පළමු වැනිදා සිට පහළට..

by Staff writer 22-06-2025 | 2:30 PM

COLOMBO (News1st) - පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර මිල ගණන් ජූලි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන ආකාරයෙන් පහළ දමා තිබේ.

ඒ, පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව, කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ අවස්ථාවේදී කාර්ය මණ්ඩලය කළ ඉල්ලීමකට අනුවයි.

ඒ යටතේ, විධායක ශ්‍රේණියේ නිලධාරියෙකුගෙන් ආහාර සඳහා මාසිකව අය කළ රුපියල් 4000 ක මුදල, රුපියල් 3000 ක් දක්වා පහළ දමා තිබේ.

විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සඳහා වන මාසික ආහාර ගාස්තුව පහළ දමා ඇත්තේ, රුපියල් 2000 ක් දක්වායි.

මීට පෙර ඔවුන්ගෙන් අය කළ මුදල, රුපියල් 2500කි.

ඊට අමතරව මන්ත්‍රීවරුන්ගේ රියැදුරන්, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් මෙන්ම මාධ්‍යවේදීන්ගෙන් දැනට ආහාර සඳහා අය කරන මුදල නොවෙනස්ව පවත්වා ගැනීමට ද, එහිදී තීරණය කෙරිණ.