රට තුළ මාස 2කට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතිනවා

රට තුළ මාස 2කට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතිනවා - බලශක්ති අමාත්‍යාංශය

by Staff writer 22-06-2025 | 2:52 PM

COLOMBO (News 1st) - රට තුළ මාස දෙකකට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බව, බලශක්ති අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා පැවසුවේ, මෙරට ඉන්ධන ක්ෂේත්‍රයේ මෙහෙයුම් සිදුකරන විදෙස් සමාගම් තුන, ඉදිරි මාස සඳහා ප්‍රමාණවත් සංචිත පවතින බව දැනුම්දී ඇති බවයි.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඉදිරි මාස දෙකකට ප්‍රමාණවත් සංචිත පවතින බව ද, ලේකම්වරයා තහවුරු කළේ ය.

බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, සිංගප්පූරුව හරහා දැනට ඇනවුම් කර ඇති ඉන්ධන තොග නියමිත වේලාවට ලබාදෙන බවට ද, තහවුරු කර ඇති බවයි.