වෙඩි වැදුණු මළ සිරුරු 02ක් මිද්දෙණියෙන් හමුවෙයි

වෙඩි තබා ඝාතනය කළ පුද්ගල මළ සිරුරු 02ක් මිද්දෙණියෙන් සොයා ගනී...

by Staff writer 25-06-2025 | 10:56 AM

COLOMBO (News1st) - මිද්දෙණිය, තෝරකොලයායේදී  වෙඩි තබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ T56 ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බවට සැක කරන බවයි.

ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 25 - 30ත් වයස්වල පසුවන දෙදෙනෙකි.

ඔවුන්ගේ යතුරුපැදිය ද මළ සිරුරු අසල තිබී සොයාගෙන තිබේ.

අද(25) අලුයම මෙම ඝාතන සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේ ය.