මැදපෙරදිග තත්ත්වය ගැන අධ්‍යනයට කමිටුවක්...

මැදපෙරදිග තත්ත්වය ගැන අධ්‍යනයට අමාත්‍ය මණ්ඩල කමිටුවක්...

by Staff writer 24-06-2025 | 6:53 PM

COLOMBO (News 1st) - මැදපෙරදිග පවතින තත්ත්වය සම්බන්ධයෙන් අධ්‍යනයට අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත්කර තිබේ.

එම කමිටුව පත්කර ඇත්තේ ඊයේ (23)  කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී යි.

එම කමිටුව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වේ.

කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ වසන්ත සමරසිංහ,කුමාර ජයකොඩි සහ සමන්ත විද්‍යාරත්න යන අමාත්‍යවරුන්.