.webp)
මෙය සිය ප්‍රථම ශ්‍රී ලංකා සංචාරය මෙය බවත්, ශ්‍රී ලංකාවේ ජාතික සමඟිය හා සංහිඳියාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ තමන් උනන්දුවෙන් පසු වූ බවත් පැවසූ හිටපු ජනපති ම්බෙකි මහතා මෙවැනි කාලයක ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීම සතුටට කරුණක් බව සඳහන් කළේය.
දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව භූ ගෝලීය වශයෙන් දුරස්ථ වුවද, විවිධ ජාතීන්, ආගම් සහ සංස්කෘතින් පැවතීම හේතුවෙන් දෙරටෙහි සමානත්වයක් පවතින බව ඔහු පැවසීය. එසේම, සාමය හා සංහිඳියාව ළඟා කර ගැනීමේදී දෙරටටම එකම ආකාරයේ අභියෝග පවතින බවත්, විවිධත්වයක් සහිත සියලු ජන කණ්ඩායම් එක මාවතකට ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් උගත් පාඩම් සහ අත්දැකීම් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සමඟ බෙදා ගැනීමට තමා කැමති බවත් හිටපු ජනපති ම්බෙකි මහතා ප්‍රකාශ කළේය.
විවිධත්වයක් සහිත ජන කණ්ඩායම් එකට එකතු කර ගනිමින්, පවතින ආර්ථික අභියෝග හා ජාතික සංහිඳියාව පිළිබඳ අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට හැකි බවට ම්බෙකි මහතා මෙහිදී විශ්වාසය පළ කළේය.
ජාතීන් අතර සමඟිය වර්ධනය කිරීමටත්, රට මුහුණ දී ඇති ආර්ථික අභියෝග ජයග්‍රහණය කරමින් ඉදිරියට ගෙන යාමටත්, තමා ඇපකැප වී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පැවසීය.
ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් සැන්ඩිල් ෂාල්ක් ( Sandile Schalk), තාබෝ ම්බෙකි පදනමේ ප්‍රධාන විධායක නිලධාරී මැක්ස්වෙල් බොක්වානා (Maxwell Boqwana) , තාබෝ ම්බෙකි පදනමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලුක්හන්යෝ නීර් (Lukhanyo Neer) යන මහත්වරුද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.
කැපිටල් මහරාජා සමූහයේ විධායක සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් මහතා සහ කැපිටල් මහරාජා සමූහයේ කළමනාකරු අනුෂ්කා ලෙව්කේ මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියහ.