ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්!

ඊලෝන් මස්ක්ගෙන් "The America Party” නමින් දේශපාලන පක්ෂයක්!

by Staff writer 06-07-2025 | 12:48 PM

COLOMBO (News1st) - ලෝකයේ ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක්ගෙන් "The America Party” නමින් දේශපාලන පක්ෂයක්!

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතම පුද්ගලයා ලෙස සිටි ඊලොන් මස්ක් මෑතකදී ජනපති ට්‍රම්ප් සමග ඇතිවූ විරසකයෙන් පසු මෙම නව දේශපාලන පක්ෂය ආරම්භකර ඇත.

ඊලෝන් මස්ක් පැවසුවේ, ජනතාවගේ නිදහස යළි ලබාදීම වෙනුවෙන් අමෙරිකානු පක්ෂය පිහිටවූ බවයි.

නව පක්ෂයක් ආරම්භ කළ යුතු ද, යන්න සම්බන්ධයෙන් ඔහු සිය එක්ස් ගිණුම හරහා මීට පෙර මත විමසුමක් ද, සිදු කළේ ය.

එහිදී සියයට 65 ක් ඒ සඳහා කැමැත්ත ප්‍රකාශ කර තිබුණි.

ට්‍රම්ප්ගේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ ඊලෝන් මස්ක්, 2024 ජනාධිපතිවරණයේදී ඔහු යළි බලයට පත් කිරීම සඳහා වැය කළ මුදල, අමෙරිකානු ඩොලර් මිලියන 250 කි.