ගල්කිස්ස කන්කසන්තුරේ දුම්රිය දෛනිකව ධාවනයට සැලසුම්

ගල්කිස්ස - කන්කසන්තුරේ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය අද(07) සිට දෛනිකව ධාවනයට සැලසුම්...

by Staff writer 07-07-2025 | 8:50 AM

COLOMBO (News1st) - ගල්කිස්ස_ කන්කසන්තුරේ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය අද(07) සිට දෛනිකව ධාවනය කිරීමට කටයුතු යොදා ඇතැයිි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි එන්.ජේ.ඉඳිපොලගේ මහතා පැවසුවේ මෙතෙක් එම දුම්රිය සති අන්තයේ පමණක් ධාවනය වූ බවයි.

ඒ අනුව සෑම දිනකම පෙරවරු 05.15ට ගල්කිස්සෙන් ගමන් ආරම්භ කරන දුම්රිය දහවල් 12.13ට කන්කසන්තුරේ දුම්රිය ස්ථානයට ලගාවීමට නියමිතව තිබේ.

කන්කසන්තුරෙන් පස්වරු 01.50 ට ගමන් ආරම්භ කරන දුම්රිය පස්වරු 08.58ට ගල්කිස්සට ලඟාවීමට නියමිතයි.

ඊට සමගාමීව දිනපතා කොළඹ කොටුවෙන් උදෑසන 05.45ට කන්කසන්තුරේ දක්වා ධාවනය වූ යාල්දේවි දුම්රියේ පිටත්වන වේලාව සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ අද සිට යාල්දේවි දුම්රිය කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන වේලාව 06.40 ලෙස සංශෝධනය කර ඇති බවයි.

මසකට කලින් ආසන්න වෙන්කර ඇති මගීන් ඒ පිළිබඳ අවධානය යොමුකරන ලෙසද දුම්රිය දෙපාර්තමේන්තුව මහ ජනතාවට දැනුම් දෙයි.