.webp)
භික්ෂූන් වහන්සේ වස් විසීම ආරම්භ කරන මෙම පොහෝ දිනය සම්බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් හේතුවෙන් බෞද්ධ ජනතාවට වැදගත් වේ.
සකල ලෝ වැසියන්ගේ හිතසුව පිණිස වසර හතළිස් පහක් පුරා පැවැති බුදුරජාණන් වහන්සේගේ සදහම් චාරිකාව ආරම්භ වූයේ ඇසළ පුර පසළොස්වක පෝය දිනයකදී යි.
වෙස්සන්තර ආත්මභාවයෙන් පසු තුසිත දෙව්ලොව උපත ලැබු බෝසතුන් මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ ඇද වැනි දිනකදී බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.
සිදුහත් කුමරු සතර පෙර නිමිති දැක ගිහිගෙය කළකිරි අභිනිශ්ක්‍රමනය කළේද අද වැනි පුන් පොහෝ දිනකදී ය.