.webp)
ඇය මුදා හැරුණේ රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මතයි.
අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණ තර්ජනය සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලීසිය මගින් 21 හැවිරිදි හේමාලි අනිත්‍රා විජයරත්න අත්අඩංගුවට ගෙන අධිතරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියේය.
අද නඩුව කැඳවූ අවස්ථාවේ කෙසෙල්වත්ත පොලීසිය විසින් විමර්ශන සම්බන්ධව ප්‍රගති වාතාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් පැවසූවේ, අධිකරණ පරිශ්‍රයේ සිද්ධිය වූ දින පටිගතව තිබූ CCTV දර්ශන පරීක්ෂා කළ බවයි.
එම දර්ශන නිරීක්ෂණය කිරීමේදී සැකකාරිය විසින් යම් දෙයක් අල්ලස් කොමිසමේ නිලධාරීන්ට පවසා ඇති බවට නිරීක්ෂණය වන බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ය.
ඔවුන් පැවසුවේ, සැකකාරිය එම අවස්ථාවේදී තවත් පුද්ගලයකු සමග අධිකරණ භූමියෙන් පිටතට යන ආකාරය CCTV දර්ශන තුළින් නිරීක්ෂණය වන බවයි.
ඒ අනුව එම පුද්ගලයා සම්බන්ධව ද විමර්ශන කළ යුතු බව පොලීසි කියා සිටියේ ය.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකාරියට ඇප නියම කරමින් සාක්ෂිකරුවන්ට හෝ පැමිණිලි පාර්ශ්වයට තර්ජනාත්මක ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස නියෝග කළා.
නඩුව අගෝස්තු 27 යළි කැඳවීමට නියමිතයි.
මීට අමතරව මෙම සිද්ධිය සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කරන ලද විමර්ශනයට අදාළවද සැකකාරිය ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ ය.
එම නඩුව කැඳ වූ අවස්ථාවේ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් විමර්ශනය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් පැවසුවේ අල්ලස් කොමිසේ අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ නියෝග පරිදි විමර්ශනය සම්බන්ධව විවෘත්ත අධිකරණය හමුවේ වාචික කරුණු දැක්වීමක් සිදු නොකරන බවයි.
විමර්ශන ප්‍රගතිය ලිඛිතව පමණක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පැවසූ විමර්ශන නිලධාරීන් කරුණු සලකා බලා සැකකාරිය සම්බන්ධව සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේ ය.