මෙරට නියෝජිත පිරිසක් ඉදිරි සති දෙක තුළ අමෙරිකාවට..

බදු සහන ගැන සාකච්ඡා කරන්න මෙරට නියෝජිත පිරිසක් ඉදිරි සති දෙක තුළ අමෙරිකාවට...

by Staff writer 13-07-2025 | 7:37 AM

COLOMBO (News 1st) - තීරු බදු තවත් අඩු  කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙරට නියෝජිත පිරිසක් අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

අපනයන සංවර්ධණ මණ්ඩයේ සභාපති මංගල විජේසිංහ මහතා සඳහන් කළේ, අගෝස්තු 01 වැනිදාට පෙර එම කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යන බවයි.

අමෙරිකානු තීරු බදු සහන මෙරටට ලබා ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂඥ කමිටුවේ සාමාජිකයින් පිරිසක් එලෙස අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (12) ප්‍රකාශ කළේ, තවදුරටත් අමෙරිකාවෙන් බදු සහන ලබාගැනීම පිළිබඳව අඛණ්ඩ සාකච්ඡා කරන බවයි.