.webp)
පොලිසිය පැවසුවේ අත්බෝම්බ 86 ක්, T56 උණ්ඩ 326 ක් ඒ අතර වන බවයි.
මීට අමතරව මත්කරල් 5,600 ක්ද අදාළ ඉඩමේ වල දමා තිබියදී පොලිසිය විසින් සොයා ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලිසිය ප්රකාශ කළේ ය.
පොලිසිය පවසන්නේ, සැකකරු T56 ගිනි අවියක් සමග ඊයේ (21) කිරුබත්ගොඩදී අත්අඩංගුවට ගත් තරුණයාගේ සමීපතමයෙකු බවයි.
ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු පුනරුත්ථාපනයවූ LTTE සාමාජිකයෙකු බවටද, මේ වන විට අනාවරණවී තිබේ.
ඒ සැකකරු සම්බන්ධයෙන් කළ විමර්ශනවලදීයි.
ඔහුගෙන් කළ ප්රශ්න කිරීම්වලින් අනතුරුව සෙට්ටිකුලම ප්රදේශය ආශ්රිතව මෙම මෙහෙයුම සිදුකළ බව පොලිසිය සඳහන් කළේ ය.