.webp)
මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, දෙපාර්ශවයේ අවසන් එකඟතා වලට අදාළව ද්විපාර්ශ්වික ගිවිසුමකට එළැඹීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කිරිමට සැලසුම් කර ඇති බවයි.
මෙරට අපනයන සඳහා 44%ක් ලෙස ප්‍රකාශයට පත්කළ අනෝන්‍ය ගැලපුම් තීරු බදු, 30%ක් දක්වා අඩු කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා පියවර ගෙන තිබුණි.
එම තීරු බදු අගෝස්තු පළමු වැනිදා සිට ක්‍රියාත්මක වේ.
ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ, ඊට පෙර අමෙරිකාව සමග ද්වීපාර්ශවීය ගිවිසුමකට එළඹීම සඳහා හැකියාව ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවයි.