.webp)
එම නියෝගය නිකුත් කරනු ලැබුවේ පොළොන්නරුව මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා විසිනි.
2006 වසරේ දී කුඹුරක පැල්රැකීමට ගිය පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව ඔවුන් වරදකරුවන් කෙරිණි.
ඔවුන් හිඟුරක්ගොඩ උනගලාවෙහෙර ප්රදේශයේ පදිංචි 64,42,37,49 වියේ පසුවන පුද්ගලයින්වේ.
පහරදීමට පුද්ගලයින් හය දෙනෙකු සහභාගි වී ඇති අතර ඉන් දෙදෙනෙකු මේ වන විට මියගොස් ඇතැයි සඳහන්.