අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 20ක් ආනයනයට සැලසුම්

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 20ක්, සමූපකාර දෙපාර්තමේන්තුව හරහා ආනයනයට සැලසුම්...

by Staff writer 24-07-2025 | 8:38 AM

COLOMBO (News 1st) - සහනදායී මිල ගණන් යටතේ අලෙවි කිරීම සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 20ක් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ආනයනය කිරීමට තීරණය කර තිබේ.

සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා සඳහන් කළේ, පසුගිය වසර කිහිපය තුළ සමූපකාර දෙපාර්තමේන්තුවට අයත් ආයතන, තොග වෙළෙඳාම් කටයුතුවල නිරත නොවූ බවයි.

ඒ හේතුවෙන් අතරමැදියන් සදහා විශාල මුදලක් ගෙවීමට සිදුව තිබුණි.

නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා සදහන් කළේ, අතරමැදියන් සදහා යන වියදම් නැති කර, සහනදායී මිලට ජනතාවට භාණ්ඩ ලබාදීම වෙනුවෙන් නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.