අස්ගිරි අනුනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද

අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ...

by Staff writer 24-07-2025 | 8:45 AM

COLOMBO (News 1st) - සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනු නායක, අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද(24) පස්වරුවේ පැවැත්වේ.

ඒ, පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව මහනුවර අස්ගිරි පොලිස් ක්‍රීඩාංගණයේදීයී.

උන්වහන්සේගේ දේහය අස්ගිරි මහා විහාරයේ මේ වනවිට තැන්පත් කර තිබේ.

ආදාහන පෙරහැර, පස්වරු 1.00ට අස්ගිරි මහා විහාරයේ සිට අස්ගිරි පොලිස් ක්‍රීඩාංගණය බලා පිටත්ව යාමට නියමිතයි.

අනතුරුව පස්වරු 2.30ට ආදාහන පූජෝත්සවය සිදු කෙරෙන්නේ, පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙනි.

අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි නාහිමියන් පසුගිය 21 වැනිදා අලුයම අපවත් වනවිට වයස, අවුරුදු 67 කි.

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ධර්ම දූත මෙහෙවරේ නිරත වූ උන්වහන්සේ, සමාජ, ශාසනික, ප්‍රගමනය වෙනුවෙන් කළ මෙහෙවර, මෙරට ඉතිහාසයේ රන් අකුරින් ලියැවී පවතිනු ඇති.