පෙබ.9 විදුලිය බිඳ වැටීම ගැන සාක්ෂි විභාගයක්

පසුගිය පෙබරවාරි 09 වැනිදා දිවයින පුරා විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් සාක්ෂි විභාගයක් පැවැත්වීමට මහජන උපයෝගීතා කොමිසමේන් තීරණයක්

by Staff writer 24-07-2025 | 8:06 AM

COLOMBO (News 1st) - දිවයින පුරා විදුලිය සැපයුම, පසුගිය පෙබරවාරී 09 වැනිදා බිඳ වැටීම සම්බන්ධයෙන් සාක්ෂි විභාගයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.

එහි සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේ, විදුලි බල මණ්ඩලය සිදුකළ විශේෂ පරීක්ෂණ වාර්තාව මත පදනම්ව, එම සාක්ෂි කැඳවීම සිදු කරන බවයි.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අපේක්ෂා කරන අයෙකු වේ නම්, 0772 94 31 93 දුරකතන අංකය අමතා වේලාවක් වෙන් කරගත හැකි බව ද, ඔහු සදහන් කළේ ය.