තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාමයකට...

තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාමයක් සඳහා එකඟ වූ බව අමෙරිකානු ජනපති නිවේදනය කරයි...

by Staff writer 27-07-2025 | 8:10 AM

COLOMBO (News 1st) - තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාමයක් සඳහා එකඟ වූ බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු සඳහන් කළේ, දෙරටේ නායකයින් සමග පැවැත්වූ දුරකතන සංවාදවලදී ඒ පිළිබඳ එකඟතාවකට පැමිණි බවයි.

දෙරටේ නායකයින් නුදුරු දිනකදී හමුවීමටත් එහිදී එකඟතාවකට පැමිණ තිබේ.

සටන් විරාමයකට එකඟ නොවුණහොත්, අතර සමග වෙළෙඳ ගිවිසුම් අත්හිටුවන බවට ද අමෙරිකානු ජනාධිපතිවරයා අනතුරු ඇඟවීම් නිකුත් කළේ ය.

තායිලන්ත - කාම්බෝජ ගැටුම් ආරම්භ වී අදට දින, 4 ක්.

ඒ හේතුවෙන් පුද්ගලයින් 33 දෙනෙකු මියගොස් තිබේ.

මේ අතර තායිලන්ත - කාම්බෝජ දේශසීමා ගැටුම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (26) හදිසි රැස්වීමක් ද කැඳවා තිබිණි.