අධිවේගී මාර්ගවල ආසන පටි පැළඳීමේ නව නීති අද සිට.

අධිවේගී මාර්ගවල ආසන පටි පැළඳීමේ නව නීති අද සිට.

by Staff writer 01-08-2025 | 11:11 AM

COLOMBO (News1st) - අධිවේගී මාර්ග වල පොදු මගී ප්‍රවාහන සේවා වල ගමන් ගන්නා මගීන්ට ආසන පටි පැළඳීමේ නීතිය, අද සිට ක්‍රියාත්මක බව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති පි ඒ චන්ද්‍රපාල මහතා සදහන් කළේ, ලබන සැප්තැම්බර් මාසයේ සිට එය අනිවාර්ය කරන බවයි.

මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව, ඔහු සඳහන් කළේ ය.

මේ අතර ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය පැවසුවේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම සැහැල්ලු වාහනවල පසුපස ආසනවල සිටින මගීන් ද ආසන පටි පැළඳීම අද සිට අනිවාර්ය බවයි.

ඒ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ය.

එය කඩකරන රියැදුරන්ට සහ මගීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට පොලීසියට සහ අධිවේගී මාර්ග බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවද අමාත්‍යාංශය සඳහන් කළේ ය.