බදුල්ලට තවත් සුඛෝපභෝගි දුම්රියක්

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ELLA WEEKEND EXPRESS නමින් නව සුඛෝපභෝගී දුම්රියක්

by Staff writer 01-08-2025 | 10:55 AM

COLOMBO (News1st) - කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ELLA WEEKEND EXPRESS නමින් නව සුඛෝපභෝගී දුම්රියක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ලබන 16 වැනිදා සිට එය සේවයට යෙදවීමට නියමිතයි.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සංචාරයකයින්ගේ ඉල්ලුම සැලකිල්ලට ගෙන මෙම නව දුම්රිය ධාවනයට එක්කරන බවයි.

ආසන 350කින් සමන්විත එම දුම්රිය සෑම සෙනසුරාදා දිනකම අළුයම 5.30ට කොළඹ කොටෙුවෙන් බදුල්ල බලා පිටත්වීමට නියමිතයි.

ඉරිදා රාත්‍රි 9.00ට බදුල්ලෙන් කොළඹ කොටුව බලා එම දුම්රිය ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.