මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්..

නව දේශපාලන ලෙස ලියාපදිංචිවීමට යොමු කළ අයැදුම්පත් 36ක් ප්‍රතික්ෂේපයි..

by Staff writer 23-08-2025 | 9:54 AM

COLOMBO (News 1st) - නව දේශපාලන පක්ෂ ලියාපදිය සඳහා යොමු කළ අයැදුම්පත් 36ක් ප්‍රතික්ෂේප කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසුවේ, මූලික සුදුසුකම් සපුරා නොමැතිවීම හේතුවෙන් එම පක්ෂවල අයැදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට සිදුවූ බවයි.

නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් 80 ක් පමණ ලැබී ඇතැයි බව සභාපතිවරයා පැවසුවේ ය.

ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පක්ෂ ලියාපදිංචිය සඳහා ලැබී තිබූ 44 ක් සම්බන්ධයෙන් මේ දිනවල සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවයි.

මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචිවී සිටින පිළිගත් දේශපාලන පක්ෂ සංඛ්‍යාව 83 කි.