බස්නාහිර පරිපූරක වෛද්‍ය වැඩවර්ජනය අත්හිටුවයි..

බස්නාහිර පරිපූරක වෛද්‍ය වැඩවර්ජනය අත්හිටුවයි..

by Staff writer 23-08-2025 | 7:48 AM

COLOMBO (News 1st) - ස්ථාන මාරු ලේඛනයට විරෝධය පළ කරමින් පරිපූරක වෛද්‍ය  වෘත්තිකයින් බස්නාහිර පළාත් සභා රෝහල්වල ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අත්හිටුවා තිබේ.

පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය පැවසුවේ , ඊයේ බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කැඳවූ රැස්වීමේදී එලඹි තීරණ අනුව සිය වෘත්තිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටවූ බවයි

ඒ අනුව ස්ථාන මාරු නියෝගයට අදාළ ගැටලු විසඳීම් සඳහා ඉතා කඩිනම් පළාත් සෞඛ්‍ය බලධාරීන් සහිත රැස්වීමක් කැඳවමින් අවසන් තීරණය ලබා ගන්නා තුරු සියලු නිලධාරීන් සුපුරුදු සේවා ස්ථාන වල⁣ සේවයට වාර්තා කිරිමට එහිදී තීරණය කර තිබේ.

සියලු පරිපූරක වෛද්‍ය සේවාවන් උදෑසන 8.00 සිට යථා තත්ත්වයට පත්වනු ඇති.

පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය පැවසුවේ, වෘත්තීය ක්‍රියාමාර්ගය පැවැති කාලය තුළදී සේවාවන් ලබාගත නොහැකිව අපහසුතාවට පත් වූ රෝගීන් සියලුම දෙනාට තමාට පහසු ආසන්නතම දිනයකදී නැවත රෝහලට පැමිණ අදාළ සේවාවන් ලබාගැනීමට හැකි වන පහසුකම් සපයා ඇති බවයි.