දුම්රිය මගීන්ට දැනුම් දීමක්...

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය අවලංගු වීමක් හෝ වේලාවේ වෙනසක් - දුම්රිය දෙපාර්තමේන්තුව

by Staff writer 24-08-2025 | 7:01 AM

COLOMBO (News 1st) - මුහුදුබඩ මාර්ගයේ දුම්රිය අවලංගු වීම් සහ වේලාවන් සංශෝධනයක් අදත් සිදුවන බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, දොඩන්දූව සහ බූස්ස දුම්රිය ස්ථාන අතර මාර්ග අලුත්වැඩියාවක් හේතුවෙනි.

දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා පැවසුවේ, අද (24) උදෑසන 5.15 ට ගාල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය අවලංගු කළ බවයි.

මරදාන සිට ගාල්ල බලා දහවල් 12.10 ට ධාවනය වීමට නියමිත දුම්රිය ද, අවලංගු කෙරිණ.

ගාල්ලෙන් අද උදෑසන 5 ට කොළඹ බලා ධාවනය වන දුම්රිය, පැය එක හමාරක් ප්‍රමාද වනු ඇත.

ගාල්ලෙන් උදෑසන 4.10 ට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත දුම්රිය පැය 4 යි විනාඩි 40 ක් ප්‍රමාදවී ගමන් ආරම්භ කරන බව ද, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.