.webp)
පොලීසිය පැවසුවේ , අනතුරට ලක්වූ බස් රථයේ යාන්ත්‍රික දෝෂ පවතින බවට මේ වන විට තොරතුරු අනාවරණවී ඇති බවයි.
මේ අතර, ඇල්ල බස් රථ අනතුරින් මියගිය පුද්ගලයින්ගේ මෘත දේහ ඥාතීන්ට භාරදී ඇතැයි පොලීසිය පවසයි.
පොලීසිය සඳහන් කළේ, පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව දේහයන් ඥාතින්ට භාරදුන් බවයි.
මේ අතර අනතුරින් මියගිය සියළු දෙනාගේම අවසන් කටයුතු තංගල්ල නගර සභාවේ මූලිකත්වයෙන් සිදුකිරීමට තීරණය කර ඇතැයි සභාපති පී.පී.ජී.නන්දසිරි මහතා පවසයි.
සභාපතිවරයා පැවසුවේ , දේහයන් නිවෙස් වෙත ගෙන යාමට පෙර, තංගල්ල නගර ශාලාවේ තැන්පත් කර තැබීමට නියමිත බවයි.
මේ අතර, ඇල්ල බස් රථ අනතුරින් මියගිය සංඛ්‍යාව 15 කි.
බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සදහන් කළේ, අනතුරින් බරපතල තුවාල ලැබූ දෙදෙනෙකු මේ වන විට බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.
තවත් 17 දෙනෙකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.