.webp)
කිලෝග්‍රෑම් 50,000 ක්වූ එම රසායනික ද්‍රව්‍ය තොගය අද දිනයේ වැඩිදුර විමර්ශන සඳහා මිද්දෙණිය පොලිසිය වෙත භාරදීමට නියමිතයි.
රජයේ රස පරීක්ෂක කාර්යාලය මෙන්ම අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයද ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබයි.
මේ අතර, පොලීසිය පැවසුවේ රසායන ද්‍රව්‍ය සොයා ගනු ලැබූ ස්ථානයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ මිද්දෙණිය පොලිස් නිලධාරීන් යොදවා ඇති බවයි.
කොළඹ උතුර අපරාධ කොට්ඨාශයේ රදවාගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන බැකෝ සමන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමෙන් ලද තොරතුරකට අනුව මිද්දෙණිය ප්‍රදේශයේ සම්පත් මනම්පේරි නමැති අයගේ ඉඩමක වළ දමා තිබූ අයිස් මත්ද්‍රව්‍ය නිශ්පාදනය කිරිමට භාවිතා කරන අදාළ රසායනික ද්‍රව්‍යය තොගය ඊයේ ගොඩගනු ලැබුවේ ය.
සම්පත් මනම්පේරි දීර්ඝ කලක සිට බැකෝ සමන් සමග සමීප සම්බන්ධකම් පවත්වා ඇති අතර බැකෝ සමන් ඇතුළු අපරාධ කණ්ඩායම මෙරටට රැගෙන ආ දිනයේ සිට ප්‍රදේශය හැර ගොස් තිබේ.
හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයකු වන සම්පත් මනම්පේරි, පසුගිය පළාත් පාලන මැතිවරණයේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අගුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ තලාව කොට්ඨාශයට තරග කර පරාජයට පත්වූ අයෙකි.
ඔහු අත් අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.
ඊයේ දිනයේදී ඔහුගේ බිරිඳ, ඔහුගේ සහෝදරයා සහ තවත් ඥාතීන් දෙදෙනෙකුගෙන්ද ප්‍රකාශ සටහන් කරගත් බව කොළඹ උතුර අපරාධ කොට්ඨාශ සඳහන් කළේ ය.