ඇල්ල - වැල්ලවාය මාර්ගයේ අවදානම් ස්ථාන 10ක්

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ අවදානම් ස්ථාන 10ක් - බදුල්ල දිස්ත්‍රික් මාර්ග සංවර්ධන අධිකාරිය

by Staff writer 07-09-2025 | 8:28 AM

COLOMBO (News 1st) - ඇල්ල - වැල්ලවාය මාර්ගයේ, ඇල්ල සහ රාවණා ඇල්ල අතර අවදානම් ස්ථාන 10කට ආසන්න සංඛ්‍යාවක් හඳුනා ගෙන ඇතැයි, බදුල්ල දිස්ත්‍රික් මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එහි විධායක ඉංජිනේරු එස්. එස්. හෙන්නායක මහතා සඳහන් කළේ, එම ස්ථාන සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් ආරම්භ කර ඇති බවයි.

එම මාර්ගය දෙපස පිළිසකර කළ හැකි අවදානම් සහිත ස්ථානවල පස් ගොඩ කිරීම ආරම්භ කර තිබේ.

ඒ යටතේ පිළිසකර කෙරෙන මාර්ග ප්‍රමාණය, කිලෝමීටර 26 ක්.

බදුල්ල දිස්ත්‍රික්කයේ අනතුරු අවම කිරීමට වෙන්කර ඇති රුපියල් මිලියන 700 ක ප්‍රතිපාදන, ඒ සඳහා යොදා ගැනේ.